රංගන ශිල්පිනියක විදියට හැමෝගෙම ආදරේ දිනාගෙන හිටපු දක්ෂ රංගන ශිල්පිනියක් තමයි වත්සලා දියලගොඩ කියන්නේ, කාලයක් පුංචි තිරයට නැතුවම බැරි රංගන ශිල්පිනියක වුන ඇය මේ වනවිට වැඩිය පෙන්න නෑ, ඉතින් දැන් ගෙදර ඉඳගෙන වත්සලා කරන්නේ මොනවද කියලා දැනගන්න අපි වත්සලා සමග කතා ටිකක් කරන්නයි සූදානම් වෙන්නේ, වත්සලා මොකද වෙන්නේ ඉතින් මේ දවස්වල ”මේ දවස්වල එහෙම ලොකු ලොකු වැඩ නෑ, පහුගිය කාලයේ මම කිසිම කළා නිර්මාණයකට සම්බන්ද වුනේ නෑ,

ඉතින් ඒ නිසා නිසහසේ සාමාන්‍ය විදියට ජීවිතේ ගෙවෙනවා, හැබැයි පහුගිය දවස් කිහිපයේ රූපවාහිනී වැඩ සටහන් කිහිපයකට සම්බන්ද වුනා” කාලයක් දකින්න හිටියේ නැතත් ඔබේ ජනප්‍රියත්වය තවම අඩුවෙලා නෑ නේද..? ”ඇත්තටම ඒක තමයි තියෙන විශේෂත්වය, මම ගොඩක් නාට්‍යවල රඟපෑවේ නැතිවුනත් මිනිස්සු මට ගොඩක් ආදරේ කරනවා, ඒ වගේම මිනිස්සුන්ට මගේ නම කිව්වත් මාව මතක් වෙන චරිතයක් වෙලා ඇත්තටම හරිම සතුටුයි මට ලැබෙන මේ ජනප්‍රියත්වය ගැන, ප්‍රේක්ෂකයන් මට ගොඩක් ආදරෙයි, ඇත්තටම මමත් ඒ අයට ගොඩක් ආදරෙයි”

වත්සලා හැමෝම අතර ජනප්‍රිය වෙලා ඉද්දී තමයි කලාවෙන් ඉවත් වුනේ, ඉතින් දුක නැද්ද ඒ ගැන, ”අනේ එහෙම විශේෂ දුකක් කනගාටුවක් නෑ, මම මගේ ජීවිතේ හැම දෙයක්ම බැලන්ස් එකේ කරගෙන ආව කෙනෙක්, හැබැයි මට තියෙන්නේ හරිම හෙමින් යන ගමනක්, මෙගේත් එක්ක එක කාලේ ශේත්‍රයට ආව සමහර අය අද ගොඩක් ජනප්‍රියයි, හැබැයි මට තියෙන්නේ හෙමින් යන ගමනක්, පහුගිය කාලයේ මම මුල් තැන දුන්නේ මගේ පුද්ගලික ජීවිතයට,

මොකද මට ඕන හැම දෙයක්ම පරිස්සම් කරගෙන මේ ගමන යන්න” දැන් කළා ලෝකයේ ඉන්නේ ගොඩක් අලුත් අධ්‍යක්‍ෂකවරු ඉතින් අලුත් අයත් එක්ක වැඩ කරන්න කැමතිද ඔයා, ”ඇත්තම කියනවනම් ඔව්, දැන් ඉන්න පරම්පරාව හරිම දක්ෂයි වගේම නිර්මාණශීලී අය, මම වැඩ කරලා තියෙන්නේ බොහොම සීමති අධ්‍යක්ෂකවරු පිරිසක් එක්ක විතරයි, හැබයි මම කැමතියි ආරාධනාවක් ලැබුනොත් අලුත් කෙනෙක් එක්ක වැඩක් කරන්න,

මොකද මට විශ්වාසයි දැන් ඉන්න අලුත් අය ගොඩක් දක්ෂයි කියලා, එයාලා කරලා තියෙන නිර්මාණ දිහා බැලුවම ඒක පේනවා” වත්සලා තාමත් ඉස්සර වගේමයි ඉතින් කොහොමද තාම එදා වගේම හැඩට ඉන්නේ ”මගේ ලස්සන ගැන හැමෝම කියනවා, හැබැයි මේ ලස්සන ආවට ගියාට නිකන් ලැබෙන එකක් නෙවෙයි, මම හැමදාම ඒ ලස්සන රැකගන්න ගොඩක් දේවල් කරනවා, ව්‍යායාම කරනවා, විටමින් ගන්නවා, කෑම වුනත් කන්නේ කොන්ටෝල් එකක් ඇතුව, මම ආසයි හැම මොහොතකම ලස්සනට පිරිසිදුව ඉන්න”

By pwx28

Leave a Reply

Your email address will not be published. Required fields are marked *