2017 වසරේ සියත මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා කිරුල දිනූ රූප සුන්දරිය තමයි දුෂේනි මියුරංගි කියන්නේ. ඇය මේ වන විට පුංචි තිරය හරහා ප්‍රේක්ෂකයන් අතර ඉතා ජනප්‍රිය චරිතයක්. ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වන ‘පාර දිගේ’ ටෙලිනාට්‍යයේ බන්ටි සහ සරණි විදියට අපි අතරට ආව ඇය මේ විදියට ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහලින් ලබනවා.

කාර්යබහුල වෙලා වැඩ කටයුතු කරන්න අකමැති කෙනෙක් වන දුශේනි කාලයක් කලා වැඩ කටයුතු බාර නොගෙන ඉන්න කාලෙක තමයි ඇයට පාර දිගේ නිර්මාණය ලැබෙන්නේ. ඉතින් පාර දිගේ ටෙලිනාට්‍යයේ ආදරවන්තියක් විදියට දකින්න ඉන්න ඇය සැබෑ ජීවිතයේ ඇය බලාපොරොත්තු වෙන ආදරය ගැන මේ විදියටයි අදහස් දක්වලා තිබුණේ.

” මම කැමති රැකවරණය සහිත ආදරේට. වචනෙන් නොකිව්වත් ක්‍රියාවෙන් පෙන්නුම් කරන ආදරේට. වයස් පරතරයක් ගැන වැඩක් නෑ. ආදරේට වයස් පරතරයක් නෑ. ආදරේ කියන වචනෙට වඩා දැනෙන ආදරේ ලැබෙනකම් ඉන්නවා.’’ පුංචි තිරය වගේම සිනමාව තුලත් රංගනයට සදානමින් ඉන්න දුෂේනි කියන්නේ මේ දිනවල ඉතාම ජනප්‍රිය චරිතයක්.

ඉතින් විවිධ වූ චරිත හරහා ප්‍රේක්ෂක අපි අතරට එන ඇයගේ ඉදිරි වැඩ කටයුතු සියල්ල සාර්ථක වෙන්න කියලා අපි හදවතින්ම සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

By pwx28

Leave a Reply

Your email address will not be published. Required fields are marked *