ජනප්‍රිය ගායන ශිල්පිනි අභිෂේකා විමලවීර ගැන විශේෂ හැඳින්වීම් අනවශ්‍යයයි. මොකද ඒ තරමට ඈ ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක්, අසීමිත ආදරයක් ලබන ආදරණීය චරිතයක් වීම නිසාවෙනි. සොඳුරු හඬ පමණක් නොව, අපූරු ලිවීමේ හැකියාවකින් ද ඈ පරිපූර්ණයි.

මේ සටහනත් එලෙස අපේ ඇස ගැටුණක්… “ඔබ මා හැර ගිය දා පටන් හැම උදෑසනකම මම මුහුණේ රැලි වැසී යන්නට තුනී පුයර තට්ටුවක් එලා ගනිමි. ඔබ මටත් වඩා ප්‍රේම කළ, දෙතොළ පාමුළ කුඩා සළකුණ කලු පාටින් ඉස්මතු කර ගනිමි. ඒ ඔබ මා යලි දකින මොහොතේ ලෝකයේ සුන්දරම ගැහැනිය අහිමි වූ වේදනාව ඔබට දනවනු පිණිසය.

ඒ දවස උදාවිය. ඔබ, ඔබට උවමනා ලෙසෙම තවත් වයින් බෝනික්කියක් තනා තිබුණි. වෙනසකට තිබුණේ මා ඇයට වඩා මදක් වියපත් වීම පමණි. ප්‍රේමයට වයසක් කුමකටදැයි ඇසූ සියලු ප්‍රේමවන්තයන් බොරුකාරයන් කළ ප්‍රතිවීරයා ඔබය.

ආදරයට වයස ඉලක්කමක් පමණක් නොවේ.. බොහෝ අය කියනු ඇසී තිබුණත්, ඔබට ප්‍රේමය ඉලක්කය කි! අභී! ” ඇය මේ සටහන තබා තිබුණේ වෙනින් කිසිවකටත් නොව, ජනප්‍රිය ගායන ශිල්පි ශෙහාන් කෞෂල්‍යගේ නවතම ගීතය වෙනුවෙන්…

By pwx28

Leave a Reply

Your email address will not be published. Required fields are marked *