වේදිකාව, සිනමාව, ටෙලිනාට්‍යය කියන මේ ක්ශේෂ්ත්‍රයන් කිහිපය තුළම තම දක්ෂතා පෙන්වපු කෙනෙක් තමයි ප්‍රියන්ත සෙනෙවිරත්න කියන්නේ. ඔහු රංගනය කරන ටෙලිනාට්‍යය දෙකක් මේ වන විට ප්‍රේක්ෂකයා ආදරයෙන් නරඹනවා.

ඒ හිත ළග හිනැහුනා ටෙලිනාට්‍යයේ සහ කියා දෙන්න ආදරේ තරම් ටෙලිනාට්‍යය තුළ. ඉතින් ඒවගේම අපිට ප්‍රියන්ත සෙනෙවිරත්නව දැක ගන්න පුලුවන් හිරු නාලිකාවේ විකාශය වන ‘හිරු සුපර් ඩාන්සර්’ වැඩ සටහන තුලදීත්.

මේ විදියට ප්‍රහසන රංගන ශිල්පියෙක් විදියට ඉන්න නලුවන් අතරින් ප්‍රියන්ත සෙනෙවිරත්න ඉන්නේ ඉතා ඉහළ ස්ථානයක. ඉතින් ඔහු රංගන ක්ශේෂ්ත්‍රයට පිවිසෙන්නේ වේදිකා නාට්‍යය හරහා.

ප්‍රේක්ෂකයා සිනහ ගස්සන චරිතවලින් අපේ ආලින්දයට එන ඔහුට මේ දිනවල වැඩිදෙනෙක් ආදරය කරන්නේ කියා දෙන්න ආදරේ තරම් ටෙලිනාට්‍යයේ රෙදිමෝලවත්තේ ලින්කන් විදියට.

ඉතින් ඔහු කලා ක්ශේෂ්ත්‍රයේ පිවිසීම සහ එහි රැදී සිටීම ගැන එක්තරා පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවකදී කියලා තිබුණේ මේ විදියටයි.

” මම ක්ශේෂ්ත්‍රයට ඇවිත් මේ මාර්තු 31 ට අවුරුදු 38ක්. මම මුලින්ම රගපෑව වේදිකා නාට්‍යය තමයි ‘මකුළුදැල්’. මම රගපාපු චිත්‍රපට කිහිපයක් විදියට චන්දකින්නරී, ක්ලීන් අවුට්, සිකුරු හතේ, සුහද කොකා වගේ චිත්‍රපට.

රංගන ශිල්පියෙක් වුනාම උස මහත තියෙන්න ඕන කියලා සම්මතයක් තියෙයි. ඉතින් ඒ සම්මත වලට කොටුවෙලා බලපු කාලයක් ඉස්සර ඉදන්ම තිබුණා. මහත වෙලා මිටි වුනාම හැමෝම බලන්නේ විහිළුකාරයෙක් විදියට.’’

By pwx28

Leave a Reply

Your email address will not be published. Required fields are marked *