රෝස පාට කාර් එකක් නිසා ලංකාවම කතා කළ ඇය නමින් ත්‍රිකලා ධරණි… පසුගිය සමයේ ඇය “ටොප් මොඩ්ල්ස්ලා” කවුද කියන එක ගැන කරපු ආන්දෝලනාත්මක ප්‍රකාශයක් බොහෝ දෙනාගේ අවධානය දිනාගත්තා. එසේම ඇගේ එම ප්‍රකාශයට විරෝධය පළ කරමින් නිරූපණ ක්ෂේත්‍රයේ දැවැන්ත චරිත ෆේස්බුක් එකේ විවිධ සටහන් තබා තිබුණා.
කොහොම වුණත් ත්‍රිකලා නම් කිව්වෙ ඇය කියපු කිසිම දෙයක් ඉල්ලා අස්කර නොගන්න බවයි. “මට කියන්න තියෙන්නෙ ගූගල් බලන් නිරූපණය ඉගෙන ගන්න බෑ. අදළ තැන්වලට ගියොත් දකින්න පුලුවන්. මම කිසිම වචනයක් ඉල්ලා අස් කරගන්නෙ නැත…” “ලංකාවේ විවිධ තැන්වලට ගිහින් රිජේට් වෙච්ච අය පවා මාව හොයන් ආවා.
ඒගොල්ලොන්ට කිව්වලූ, සුදු නෑ, උස නෑ කියලා. නිරූපණයට උස වෙන්න, සුදු වෙන්න ඕනි නෑ. කැටගරි ගොඩක් තියෙනවනේ.. නිරූපිකාවක් නම් මෙහෙමයි, කොටට අඳින එක නෙවේ නිරූපණය නෙවේ, වගේ මතයක් හදලනේ තියෙන්නෙ.
අන්න ඒ වැරදි ආකල්ප නැති කරන්න තමයි මම මේ ආවේ…” මේ අතර, ඇය ඇගේ තවත් සිහිනයක් සැබෑ කරගනිමින් නවතම රෝස පැහැ BMW රථයක් මිලදී ගෙන ඇති අතර, එහි ඡායාරූප සහ වීඩියෝ ද ඇය ඇගේ සමාජ මාධ්‍ය ගිණුමට එක් කර තිබුණා.