නතාශා පෙරේරා සහ ප්‍රිහාන් කියන්නෙ සංගීත කරළියේ වඩාත් කැපී පෙණුනු යුගළයක්. මේ දෙන්නා ගැන කාලයෙන් කාලයට විවිධ දේ සමාජ මාධ්‍ය තුළත් පැතිර ගියා මතක ඇති. කොහොම වුණත් මෑතක ඉඳලා නතාශා ප්‍රිහාන් යුවළ වැඩි වැඩියෙන් කැපී පෙනෙනවා. මේ මෑතක වැඩසටහනකට එක්වෙමින් ප්‍රිහාන් දැක්වූ අදහස්.. ඇයි ප්‍රිහාන් නතාශව මාකට් නොකළේ ? මට නතාශාව මාකට් කරන්න වුවමනා වුණෙ නෑ.
මොකද නතාශා ගොඩක් බුද්ධිමත්.. එයාට කරන්න පුලුවන් දේවල් හිතාගන්න බෑ. නිවේදනය, ගායනය බියුටි මේ හැමදේම.. ඒකට මාරම හැකියාවක් තියෙනවා. ඒක මුදල් කරන්න ඕනෙ කියන තැන අපි දෙන්නම නෑ. මම විශ්වාස කරන්නේ කලයත් එක්ක එන විදිහට ජීවත් වෙන එක තමයි.. නතාශාට ගොඩක් ප්‍රේක්ෂකයෝ ඉන්නවා..? (ඒ්කට නතාශා දුන්නෙ මෙහෙම උත්තරයක්) මට මේ තරම් ප්‍රේක්ෂකයෝ ඉන්නෙ ඒක මම කරපු පිනක්.
නෙගටිව් දේ කියන අයත් ඉන්නවා. ඒ හැමෝටම මම ස්තුති කරනවා. ලස්සන නැති හින්දා වෙන්නැති සමහරු බනිනවා. දැන් නම් හැමෝම ඩිවෝස් කියනවනේ. කතා පතුරුවනවනේ. ඕක බැන්ඳ දවසේ ඉඳන්ම වෙනවා. ඒකට අපි දෙන්න හුරු වෙලා ඉන්නෙ.