එදා රිදී තිරයේ සුන්දර ම රුවකට හිමිකම් කියූ ඇය නමින් සබීතා පෙරේරා.. ඇයටම අනන්‍ය සුන්දරත්වයකට හිමිකම් කියූ සබීතා පසුගිය දිනයක යූටියුබ් නාලිකාවකට අදහස් දක්වමින් මේ විදිහේ කතාවක් කියලා තිබුණා. ඔබ එක්ක වැඩිපුරම රඟපාපු කෙනා කවුද ? මා එක්ක පෙම්වතාගේ චරිතය ගොඩක් අය රඟපාලා තියනවා.

වැඩියෙන්ම රඟපාලා තියෙන්නෙ සනත් ගුණතිලක එක්ක. පස්සෙ ජීවන් කුමාරතුංග. අනිත් එක්කෙනා විජය කුමාරතුංග. විජය කියන්නෙ ඉතින් සිහින කුමාරයා.. වෙන්නපුවේ ඉඳන් කොළඹ එනකොට එයාගේ මීටිං දකිනවා කටානෙදි. බලන් ඉන්නකොට ලස්සන කුමාරයෙක් වගේ නිල් පාට ශර්ට් එකක් ඇඳලා ළඟට එනවා,

‘ආ මේ ස්ටැන්ලිගෙ ළමයි නේද’ කියල ඔලුව අත ගාලා තියනවා. ජීවිතේ දී ඒ තරම් කඩවසම් රූපයක් මම දැකලා නෑ. අමතක කරන්න බැරි තරම් ලස්සනයි. බබා බබා කියලමයි කතා කරන්නෙ. අපි පස්සෙ එකට රඟපෑවා. අපි අතර වයස් පරතරයක් තිබ්බත් පෙණුනේ නෑ..

By pwx28

Leave a Reply

Your email address will not be published. Required fields are marked *