අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය ගායන ශිල්පියෙක් තමයි දුමාල් වර්ණකුලසූරිය කියලා කියන්නේ. ඒ වගේම ඔහු අපේ රටේ ඉන්න ගායන ශිල්පීන් අතර ඉහළින්ම වැජඹෙන ගායකයෙක් විදිහටත් හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින දැන් රියැලිටි වේදිකාවේ විනිසුරුවරයෙක් විදිහටත් දකින්න ලැබෙන ඔහු පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඔහුගේ ජීවිතේ මේ දවස් ගෙවී යන්නේ ඉතාම කාර්ය බහුල අයුරින් කියලයි ඔහු කියන්නේ. මොකද ප්‍රසංග වේදිකාව නිසා ඔහු ගොඩක් කාර්යබහුල වෙලා ඉන්න නිසා.
ඒ වගේම සංගීත පටිගත කිරීම් කිහිපයකටත් සහභාගි වෙමින් කාලය ගෙවී යනවා කියලත් ඔහු කියනවා. ඒ වගේම ඔහු ගායනා කල පළිඟු ටෙලිනාට්‍යයේ තේමා ගීතයට පහුගිය දවසක සුමති සම්මානයක් ලැබුණා. ඉතින් ඔහු මීට කලිනුත් ශෂිකා නිසංසලා අපේ ප්‍රවීණ ගායිකාවත් සමඟ ගීත කිහිපයක්ම ගායනා කරලා තිබෙනවා. කොහොම නමුත් මේ ගීතයේ පද රචනය දුටු විටම මෙය ලස්සන ගීතයක් වෙන බව ඔහු දැන ගත්තා කියලයි දුමාල් කියන්නේ. මෙහි පද රචනාව සිදු කළේ ගයා රම්‍ය අල්විස්. රංජිත් ප්‍රේමවීර මහතා තමයි මෙහි සංගීතය අධ්‍යක්ෂණය කළේ. ඉතින් මේ සම්මානය ලැබීම ලොකු සතුටක් කියලත් ඔහු කියනවා.
ඒ වගේම ඔහු සංගීතය කියන විෂය හොඳින් හැදෑරූ පුද්ගලයෙක් කියලයි දුමාල් කියන්නේ. මොකද ඔහු ලංකාවේ වගේම ඉන්දියාවටත් ගිහින් අවුරුදු පහක් පමණ සංගීතය හැදෑරපූ නිසා. ඉතින් මේ හැදෑරීම කරලා ඉන් පසුව තමයි ඔහු රියැලිටි ෂෝවලට සහභාගි වුණේ. කොහොම නමුත් රියැලිටි ෂෝවලට ඔහු ගියේ 1ක වෙන්න බලාගෙන නෙවෙයි කියලත් ඔහු කියනවා. ඉතින් ආදරණීය ප්‍රේක්ෂකයාට මෙහෙම කෙනෙක් සිටිනවා කියා පෙන්වන්න තමයිලු ඔහු රියැලිටි ෂෝවලට සහභාගි වුණේ.
ඒ වගේම ඔහු මුල්ම වතාවට රියැලටි ෂෝ එකක කෝච් කෙනෙක් වෙන්න කතා කරද්දි සිතුණ දෙය තමයිලු මේක ඔහුට කරන්න පුළුවන් කියන දෙය. මොකද ඔහු සංගීතය ගැන ලොකු හැදෑරීමක සිටි කෙනෙක් නිසා. ඒ වගේම මේක ඔහුට ලැබුණු ලොකු අවස්ථාවක් නිසා මේක ඔහුට ලොකු අත්දැකීමක් සහ හැදෑරීමක් කියලත් දුමාල් කියනවා. ඒ වගේම ලංකාව වගේ රටක ජැස්, බ්ලූස් වගේ පුළුල් වපසරියකට විහිදුණු සංගීත ශානරයන් අහන්න ලැබෙන්නේ හරි අඩුවෙන් කියලයි ඔහු කියන්නේ. හැබැයි වෙනත් රටවල වෙනත් ශානරයන් සඳහා ලොකු මාකට් එකක් තිබෙනවාලු. ඉතින් අපේ රටේ බහුතරයක් පිරිස සිතාගෙන ඉන්නේ මියුසික් කියන්නේ සින්දු කියනවා කියලයි ඔහු අවසාන වශයෙන් පවසලා තිබුනේ.