පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ඔබ හමුවන ආදරණීය ප්‍රවීණ රංගන ශිල්පිනි සුසන්තා චන්ද්‍රමාලි, නැවත වතාවක් පිළිකා රෝගයට ගොදුරුව ඇති බව, ඇය විසින් සමාජ මාධ්‍ය ඔස්සෙ පසුගිය දිනෙක අනාවරණය කළා. එම අනාවරණයෙන් අනතුරුව කලා ක්ෂේත්රයේ බොහෝ පිරිසක් ඇය වෙනුවෙන් පෙරමුණ ගත් අයුරු දැකගත හැකිවුණා. පසුගිය දවසක කලා ශිල්පී සුදත්ත තිලකසිරි ද ඇය සමඟ සම්මුඛ වෙමින් රෝගී තත්ත්වය ගැන තොරතුරු විමසා තිබුණා. අසනීප තත්ත්වයෙන් වුණත් ඒ පුරුදු හිනාව එහෙම්මමයි… “පුරුදු හිනාව තියනවා මගේ.
මිනිස්සුන්ටනේ හැමදේම වෙන්නෙ. මානසිකව වැටීමක් නෑ. මාත් එක්ක ඔයාලා හැමෝම ඉන්නවා කියලා මම දන්නවනේ..” “මම 2020 දී මුලින්ම අසනීප වුණා. හොඳ වෛද්‍යවරුන්ගේ ප්‍රතිකාර ගත්තා. ඇත්තටම මම සම්පූර්ණයෙන් ම සුවය ලැබුවා.. ඒ රෝගී තත්ත්වය නිසා මම ටිකක් පීඩා වින්ඳා. ඒ නිසා මට ගොඩක් අයව දැනුම්වත් කරන්න මගේ කැදරකමක් තිබුණා. ඇත්තටම මම සුවපත් වෙලා අවුරුදු දෙකකට වැඩි කාලයක් හිටියා. හැබැයි මම දිගටම පරීක්ෂණවලට භාජනය වුණා…”
“2022 දෙසැම්බර් දෝණි ගියා පිටරකට, අධ්‍යාපන කටයුත්තක් වෙනුවෙන්. 2023 ජනවාරි මුල තමයි මම දැනගත්තෙ ආයෙම මම රෝගී වෙලා කියලා. දුව යද්දි දන්නෙත් නෑ. කරන්න දෙයක් නෑ. මගෙ සැමියා මගේ ළඟ ඉන්නවා. වෛද්‍යවරුන් පටන් ගත්තා කිමෝ දෙන්න.. රටේ මේ දවස්වල අපි වගේ රෝගීන්ට අවශ්‍ය ඖෂධ නෑ, පිටින් ගන්න වෙනවා ඉතින්..” ඇය තවදුරටත් සඳහන් කර සිටියේ, සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා එන්නත් කිහිපයක් ලබා දුන් නමුත්, තවත් එන්නත් ලබා ගැනීමට සිදුවන බවයි. ඇය වෙනුවෙන් ඇයට පිහිට වෙන්න ඔබටත් පුළුවන්.
BOC මත්තෙගොඩ 71980944 A.N.W.සුසන්තා චන්ද්‍රමාලි 0777578737 පුංචි තිරය හැඩ වැඩ කළ ආදරණීය ඇයට අපිත් ඉක්මණ් සුව ප්‍රාර්ථනා කරමු.