“ලෝචනා ජයකොඩි,” එහෙම නැත්තම් ගොඩක් අය ඇය ව දැන අඳුනන්නෙ, “ලෝචි” කියන නමිනුයි. ලෝචි කියන්නෙ සමාජ මාධ්‍ය හොල්ලපු චරිතයක් කිව්වොත් වැරදි නැහැ. පසුගිය දවසක යූටියුබ් නාලිකාවක් හා සම්මුඛ වෙමින් ලෝචි කියපු කතාවක් තමයි මේ.. ඒ ඇය මුහුණු පෑ සංවේදී සිදුවීමක් ගැන යි… “මම ආදරේ කරන පුද්ගලයෙක් සමඟ මම ගත්ත සාමාන්‍ය ජායාරූප දෙකක් කෙනෙකුගේ පළිගැනීම මත හෝ හිතමතා හෝ එයා කතාවක් හදලා තිබ්බා.
වෙනත් කෙනෙකුගේ ස්ක්‍රීන් ශොට් එකකුත් සම්බන්ධ කරලා. අනිත් ෆොටෝ ඉරේස් කරලා. මොනා කරන්නද ඉතින් ඒවට මුහුණ දුන්නා. ඊයෙත් කෙනෙක් මට කමෙන්ට් එකක් තිබ්බා “බඩුවක්” කියලා. මම දැම්මා, “ඔබේ මුලු පවුලටම තෙරුවන් සරණයි” කියලා…” ජීවිතේ අභියෝග මැදින් ගෙන ගිය හැටි, ලෝචි කියලා තිබුණේ මෙහෙම යි… “මට අම්මාගේ ආදරේ අහිමි වුණා.
ඊටපස්සෙ ආදරේ ලැබුවා අවුරුදු පහ හමාරකට ආසන්න කාලයක්. ආදර කතා හැම එකක්ම විවාහයකින් සම්පූර්ණ වෙන් නෑනේ. ඒක අතරමඟ නවතිනවා. මම ඒ කෙනාට වෛර කරන්නෙත් නෑ. ඒ ගැන පසුතැවීමක් නෑ. මොකද ඒ හැමදේකින්ම මම පාඩමක් ඉගෙන ගත්තා. විවාහය පවා කැඩෙනවා පෙර කරපු පවකට. ඒකට හේතු කතා කරන්න ආස නෑ…”