“බේබි ශානිකා” නැත්තම් “ශානිකා වනිගසේකර” කියන ඇයව නොදන්නා කෙනෙකු නොමැති තරම්… “මංගල නැකතේ” ගීතයෙන් ප්‍රසංග වේදිකාවම වසඟයට ගත්ත ඇය බොහෝ ම කෙටි කලකින් ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම යන්නෙ ඇයට ම අනන්‍ය සුන්දර හඬක් උරුම කරගෙන. මේ වන විට ඇය දරු පැටවුන් තුන් දෙනෙක්ගේ අම්මා කෙනෙක්. මේ ඇය මෑතක යූටියුබ් නාලිකාවක් සමඟ අදහස් දක්වමින් කියූ දේවල් ටිකක්… “පවුලක් වුණාම එක එක ප්‍රශ්න තියෙනවා.

විසඳගන්න පුලුවන් නම් අපි පළවෙනි තැන දෙන්න ඕනේ දරුවන්ට. හැමදේම පුලුවන්. ඒත් තාත්තා කෙනෙක්ගේ ආදරේ දෙන්නෙ කොහොමද. මම කියන්නෙ අම්මා තාත්තා දෙන්නම ඉන්නෝන. අපි දරුවෝ හැදුවෙ නැත්තම් ප්‍රශ්නයක් නෑ. වෙන් වෙන්න පුළුවන්. හැබැයි දරුවා හැදුවා කියන්නෙ රිස්ක් එකක්. මට කියන්න තියෙන්නෙ, මගේ ආගම තුළ යාඥාවෙන් හැමදේම විසඳාගන්නෙ. මම අවුරුදු දාහතක් මේ විවාහ ජීවිතයේ.

මාර සුන්දර ජිවිතයක් නෙවෙයි මට තිබ්බෙ. හැබැයි දරුවෝ දිහා බලද්දි ඇයි මේ රංඩු කරන්නෙ කියල හිතෙනව. මොන ප්‍රශ්නේ ආවත් මගේ දරුවෝ බැඳලා යනකන් මම ඉවසනවා කියලා, මම එදා ඉඳන් හිතුවා..” “සිංගල් මාම් කියන එක, මට හිතෙනව ලංකාවේ දැන් ට්‍රෙන්ඩ් එකක් වෙලා. සිංගල් මාම් කියන එක මාර දෙයක්.. අමාරු දෙයක්.. විවාහක කාන්තාවක් තනිවෙනවා කියන්නෙ ප්‍රශ්න ගොඩකට මූණ දෙන්න වෙනවා.

හැබැයි පොඩි හරි ඉවසීමක් තියෙන්න ඕනි ජීවිතේ.. අපිට සීයට සීයක් ගැළපෙන මිනිස්සු හම්බෙන් නෑ. අපි දැනගන්න ඕන ඒක අඳුනගන්න. පිරිමියෙක් ගෑනූ පස්සෙ යනවා නම්.. බොනව නම් හදාගන්න බැරි තත්ත්වයක් නම් සාධාරණයි. හැබැයි චූටි චූටි දේවල් නිසා තනියම ජීවත්වෙන්න යනවට මම කැමති නෑ..”

By pwx28

Leave a Reply

Your email address will not be published. Required fields are marked *