වත්සලා දියලගොඩ කියන්නෙ පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ඔබට සමීප වුණු ආදරණීය චරිතයක්. හැබැයි දැන් නම් ඇය නිර්මාණ කටයුතුවල වැඩිය දකින්න නැහැ. විශේෂ ම හේතුව තමයි ඇය දැන් දඟකාර කෙලි පොඩිත්තකගේ අම්මා.

වත්සලා පසුගිය දවසක යූටියුබ් නාලිකාවක් හා එක්වෙමින් ගර්භනී සමයේ අත්දැකීම් රැසක් මේ විදිහට කියලා තිබුණා. අඩු වයසින් විවාහ වුණ එක හදිසි තීරණයක්…? හදිසි තීරණයක්…

දරුවෙක් කුසට ආවා කියලා දැනගත්ත මොහොත ? ඒක මට හිතාගන්න බෑ. දරුවෙක් හදනවැයි කියලා ට්‍රයි කරන්න පටන් ගෙන අපි මාස අටක් විතර අපි දරුවෙක් හදන්න උත්සාහ කළා. අපි හිතනවනේ දරුවෙක් එකපාරම එයි කියලා. මට තයිරොයිඩ් ඉෂූ එකක් තිබුණා. සමහර අය මට කෙළින් අහලා නෑ.

හැබැයි කතාවෙන්න ඇති.. තාම මැරි කරලා ළමයි හදන්නෙත් නෑ. ගොඩක් කියලා තිබ්බා, දරුවෝ හදන්න කලින් මෙයා ලොකු වෙලා ඉන්න එපැයි කියලා. සමහර අය නම් කිව්වා, දැන් නම් දරුවෙක් හිටියා නම් හොඳයි කියලා. හැබැයි අපි දෙන්නට ඒක ලොකුවට දැණුනේ නෑ. හැම මාසෙම හිතුවා “අද එයි.. හෙට එයි… අනිද්දා එයි” කියලා. ඒ බලාපොරොත්තුවෙන් හිටියේ. හැමවෙලාවෙම මම විශ්වාස කරපු දේ තමයි සුදුසු වෙලාවට සුදුසු කෙනා එයි කියලා.

By pwx28

Leave a Reply

Your email address will not be published. Required fields are marked *