දරුවෙක්, දරු සම්පතක්… තව විදිහකින් කිව්වොත්… පුංචි පැටියෙක්.. සුරංඟනාවක් කියන්නෙම හැම අම්මෙක්ගෙම, හැම තාත්තෙක්ගෙම හීනයක්…. එහෙම හීනයක් හැබෑ වෙනකොට දැනෙන, උතුරන සතුට කොයි තරම් ද ? හැබැයි ඇසිපිය හෙළන සැණින් ඒ හීන අපෙන් අතහැරෙනවා… අපිට අහිමි වෙනවා. මේ කතාවත් ඒ විදිහේ කතාවක්… ජීවිතේ හීනත් එක්කම ආයෙම පොළවට මිහිදන් වුණු පුංචි පැටියෙක්ගේ කතාවක්. ඒක අහන්න ඉන්න බැරි විදිහේ වේදනාබර කතාවක්.. උණු වතුර භාජනයක් පෙරලී අප අතරින් සමුගත් අපේ ලස්සනම සමනල් පැටියා නිවන් සුව අත්වේවා තේව් අකිරු පැටියෝ…. අනේ රත්තරන් පැටියෝ අපි ඔයාව ඇහැට දැක්කෙ නෑ. ඒත් තාත්තා ඔයාගෙ පොටෝ දාන ඒව හැමෙකක් ම අපි බැලුව.
ඔයාගෙ ලස්සන දැකල අපි සතුටු වුණා. තාත්තා වගෙම ඉන්න රත්තරන් පැටියෙක් කියල අපි ආඩම්බර වුණා. අනේ මැණික් කැටේ සසර මග කෙළවර මේ හැටිම ඉක්මන් වුණාද මහත්තයෝ. නොදැකපු අපිට මෙහෙම නම් අම්ම තාත්ත කොහොම ඉවසයි ද දෙයියෝ කිසිම අත් භවයක ආයෙමත් මේ දුක අත්වෙන්න එපා රත්තරන් පැටියෝ. රන් මැණිකක් වෙලා ආයෙත් අම්මියි තාත්තියි ළඟට ම එන්න. ඉන්දිකයියෙ ඔයාලට මේ දුක දරාගන්න ශක්තිය ලැබේවා මුහුදින් එහා දුර අපි කොහොම එන්න ද මේ වගේ දුකක් සසර මග කාටවත් අත්වෙන්න එපා ඉර හඳ සනසවා හිනැනුණු අහස් කුස අඳුරුයි හඬනවා බෑ
ඉවසා ගන්න කුමකට හඬනව ද මේ හැටි මහ පොළොව අහසත් හඬ හඬා ඇසුවා කඳුළින් ම…… සක්වල මෙහා නැවතුණු දරු සෙනෙහසට හිත්වල උපන් සෙනෙහෙට අරුතක් වෙච්ච නෙත්වල කඳුළකට සීමා නැති වෙන්න සැඟවී ගියෙද මැණිකක් ලොව හඬවන්න….. බුදු බණ කොතෙක් ඇසුවත් නිවනට දුර ය කවුරුන් සැනසුවත් මවු පිය ළසොවින් ය නුඹ එක්කාන ගෙවු මොහොතත් මිහිරක් ය සිහිවන දැනෙන රිදවන උණු කඳුළක් ය….. රන් කැටි පුතේ නුඹ සුරලොව ගියා කියා ඇසු දුටු සැනසු හැම නෙතකම කඳුළු තියා මැනිකක් වගේ සුරඟන තුරුලට ම වෙලා සැනසෙන් රත්තරන් තරු කැටයක් ම වෙලා….. තිළිණි වේවැල්පනාව ඔයා ඉපදුණෙ දුර රටක.
අම්ම තාත්ත දාපු පොටෝ වලින් ලෝකයක් ඔයාට ආදරේ වුණා. ඔයා ආදරය දිනා ගත්ත. නොදුටු නොදැකපු ඔයාට අද කී දෙනෙක් ගෙ ඇස් වල කඳුළු වැටෙනව ද. ඒ තමයි ඔයා පෙර ආත්මයෙන් පතා ආ මිනිස් ඇසුර.ඔයාට ලස්සන රූපයක් ලැබුණ. ඒ ඔයාගෙ පෙර පින. ඔයාගෙ තාත්තා අම්මා පින් ගොඩාක් කරනව අපි දැක්ක. ඒ ඔයාගෙ පින. ඔයාගෙ පෙර පිනට මුළු ලෝකයක් ඔයාට ආදරේ වුණා. පුන්චි මොහොතකින් නොසිතු විදියට අම්ම තාත්තගෙන් වෙන් වූ මැනික ඔයා බලන් ඉන්නව ඇති කී දෙනෙක් ඔයා නිසා අඬනව ද. අම්මට තාත්තට සැනසිමක් වෙන්න ඔය රූපයෙන් ම ඔය විදියට ම ආපහු අම්මගෙ කුසේ පිළිසිදගන්න. නිවන් සුව ම අත්වේවා පැටියො.
උපුටාගැනීම පහතින්