පුංචි තිරය හැඩ කරන දඟකාර යුවතියක් වන ඇය තරුණ සිත් වසඟ කරගත් රංගන ශිල්පිනියකි. නමින් ගීත්මා බණ්ඩාර වන ඇය ‘සංගීතේ’ සහ ‘ඇස්’ ටෙලිනාට්‍ය ඔස්සේ විශාල ප්‍රේක්ෂකාදරයක් දිනා ගත්තාය.
කොහොමද මේ දවස්වල ජීවිතේ? මේ දවස්වල රූගත කිරීම් එක්ක ටිකක් කාර්යබහුලයි. ‘සංගීතේ’ ටෙලිනාට්‍ය මේ දිනවල විකාශය වෙනවා. ඒ දේවල් එක්ක කාලය ගෙවෙනවා.
‘ඇස්’ ටෙලි නාට්‍යයේ ඔබේ චරිතයට ලැබුණු ප්‍රතිචාර කොහොමද? ‘සංවරී’ කියන්නෙ දඟකාර පාසල් යුවතියක්. තරමක් ඉහළ සමාජ මට්ටමක ඉන්න, සමාජ අවබෝධය අඩු චරිතයක්. ඇය හැමෝම දකින්නෙ ආදරණීය විධියට. පාසල් ප්‍රේමය හැමෝටම දැනෙන දෙයක්. හිත අස්සෙ තියෙන අප්‍රකාශිත ප්‍රේමය විඳින සො¾දුරු පාසල් කාලය හැමෝටම මතක් කරලා දුන් චරිතයක්. ඉතින් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා ඇස් ටෙලි නාට්‍යයට.
සංවරීට ලැබුණු ප්‍රතිචාර කොහොමද? ‘ඇස්’ ටෙලිනාට්‍ය රූගත කළේ ලංකාවෙ ලස්සනම පැත්තක් වන නුවර. නුවර වැව රවුමට ආස කරන, ආදරේ කරන බොහෝ දෙනෙක් ඉන්නවා. ඇස් කියන්නෙ නුවර මතක අලුත් කරවපු කතාවක්. ඉතින් මේ නිසාම ඉතාමත් විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලැබුණා. ඒ වගේම ඇස් රූපරාමුවල ලස්සන වෙනසක් තියෙනවා. ගොඩක් අය ඒ වෙනසට ආස කළා. ඒ වගේම සංවරීට හරි ආදරෙයි. ‘සංගීතේ’ නාට්‍යයෙන් පසුව මං සම්බන්ධ වුණු ටෙලි නිර්මාණ අතරෙන් පළමුව විකාශය වුණේ ‘ඇස්’. සංගීතේ ටෙලි නාට්‍යයෙන් ලැබූ ප්‍රේක්ෂක ආදරය නැවත නැවතත් අලුත් වෙවී ලැබීම ගැන මට නිහතමානී ආඩම්බරයක් සහ සතුටක් දැනෙනවා.
කොහොමද ඔබ රංගනයට අවතීර්ණ වෙන්නේ? රංගනයට අවතීර්ණ වුණේ හිරු නාළිකාවේ අවුරුදු කුමරිය තරග ජයග්‍රහණයෙන් අනතුරුවයි. හිරු නාළිකාවේ අහස් මාලිගා ටෙලි නාට්‍යය මගේ පළමු ටෙලි නාට්‍යය. ඒ සඳහා මාව තෝරගත්තෙ එහි එවක අධ්‍යක්ෂ වූ නිවන්ත ප්‍රසාර අයියා. ඊට පස්සෙ තමයි ටෙලි නිර්මාණවලට සම්බණ්ධ වුණේ.
සිනමාවට එන්න අදහසක් නැද්ද? හොඳම නිර්මාණයකින් සිනමාවට එන්න තමයි බලාපොරොත්තුව. ඉතින් නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබුණත් යම් යම් හේතුන් මත ප්‍රතික්ෂේප කරන්න සිදු වුණා. ඉතින් ලස්සන නිර්මාණයකින් සිනමාවට ආරාධනා ලැබෙනකම් බලාගෙන ඉන්නවා.
ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් ඔබට ලැබෙන සහයෝගය මොන වගේද? ඇත්තටම පුදුම සහයෝගයක් ලැබෙනවා. ෆීල්ඩ් එකට එනකොට ඇත්තටම බයක් තිබුණා. එයාලා මාව කොහොම පිළිගනීවිද කියලා. නමුත් හැමෝම මාව හරිම ආදරෙන් පිළිගත්තා. ගොඩාක් ප්‍රවීණ කලාකරුවෝ තමන්ගෙ දුවෙක්ට වගේ සලකන්නෙ. මං හරිම වාසනාවන්තයි. කලාකරුවන් අතරින් විශේෂයෙන් මතක් කරන්න ඕනි ශ්‍රියන්ත මෙන්ඩිස් මහත්මා, ඩග්ලස් රණසිංහ මහත්මා මගේ ජීවිතේට පුදුම විධියට සමීපයි. ඒ දෙදෙනාගේ අත්දැකීම් එක්ක මගේ රංගන ජීවිතය සාර්ථක කරගන්න පුදුම ශක්තියක් ලැබෙනවා. ජයනි අක්කා, පියුමි බොතේජු අක්කා හරිම ආදරෙයි. විශේෂයෙන් ආදරෙන්ම මතක් කරන්න ඕනි හැමදාමත් මගේ රංගනය අගය කළ අපි අතරින් වෙන් වුණු ලියෝනි කොතලාවල මහත්මිය. මේ හැමෝගෙම ආදරේ මැද්දේ රංගන වරම් ලැබීම පෙර පිනක්.
ළඟදී විවාහ වෙන්න යනවා කියලා ආරංචියි. ඒ ගැන කිව්වොත්? අපි හැමෝගෙම ජීවිතේ සංධිස්ථානයක් විවාහය. හැම තරුණියකගෙම හීනයක් සාර්ථක විවාහ ජීවිතයක්. ඉතින් මගේ ජීවිතේ මට ආදරේ කරන කෙනෙක් ලැබුණා. දැන් අපේ ආදර කතාවට අවුරුදු කිහිපයක්. නුදුරේදී විවාහ වෙන්න බලාගෙන ඉන්නවා. ඔහු වෘත්තියෙන් ව්‍යාපාරිකයෙක්. ආදරේ හොයන කෙනෙක්ට ජීවිතේ කිසිම දෙයක් නිසා මඟහැරගන්න නොහිතෙන ආදරවන්තයෙක්.
පාසල් කාලෙදිම රංගනයට ප්‍රවිෂ්ට වීම අධ්‍යාපන කටයුතුවලට බාධාවක් වුණේ නැද්ද? මම උසස් පෙළ හැදෑරුවේ හොරණ ශ්‍රීපාලි විද්‍යාලයේ ගණිත අංශයෙන්. දැන් ළමා මනෝවිද්‍යාව පිළිබඳ උපාධියක් හදාරනවා. පාසල් කාලයේ අග කලාවට සම්බන්ධ වීම නිසා කෙටි කාලයකට තරමක් අධ්‍යාපන කටයුතු මඟහැරුණා. නමුත් දැන් ආපහු සියලු දේ සමබරව කරගෙන යනවා.
ක්ෂේත්‍රයට පිවිසීමෙන් පසු චෝදනා අපහාසවලට ලක් වෙලා ඇති. ඒ ගැන ඔබ දරන්නේ මොන වගේ අදහසක්ද? කාන්තාවක් මොන තරාතිරමක හිටියත්, කොච්චර හොඳට හිටියත් මඩ ප්‍රහාර, චෝදනා, අපහාස එනවා. ඉතින් මං රංගන ශිල්පිනියක් නොවී සාමාන්‍ය තරුණියක් වුණත් මට ඒ දේවල්වලට මුහුණ දෙන්න වේවි. ඒ හැමදේටම මුහුණ දෙනකොට කාන්තාව ශක්තිමත් වෙනවා. මං දකින විධියට කාන්තාවක් ආර්ථිකව වගේම අධ්‍යාපනිකවත් ශක්තිමත් වෙන්න ඕනෑ. සාමාන්‍යයෙන් සමාජය එක්ක ගනුදෙනු කරද්දි මට ඉහළ දරාගැනීමේ ශක්තියක් තියෙනවා.
මෑතකදී ඔබේ පෙම්වතාව මාධ්‍ය ඉදිරියට ගෙනාවහම මිනිසුන්ගෙන් ලැබුණෙ තරමක් අයහපත් ප්‍රතිචාර. ඒ ගැන මොනවද කියන්න තියෙන්නේ? මිනිස්සු පිටතින් බලලා හැමදේම මනින්න හරි කැමැතියි. කෙනෙක්ට කටකතා හදන්න, හිත් රිද්දන්න හරිම කැමැතියි. විශේෂයෙන් රංගන ශිල්පිනියක් වුණාම ඒ දේ වැඩියෙන් දැනෙනවා. කතා කරනවා. මගේ පෙම්වතා රංගන ශිල්පියෙක් නෙමෙයි. ඔහු ඔහුගේ වෘත්තිය තුළ කාර්යබහුලයි. ඒ නිසා තරමක් ව්‍යායාම මඟහැරුණා අපි දෙන්නටම. තවමත් අවුරුදු 27ක් වන ඔහු ඉතාමත් සාර්ථක ව්‍යාපාරිකයෙක්.
ඒ වැඩසටහනට අදාළ වීඩියෝ පටයේ මගේ පෙම්වතාගේ වයස සහ මගේ ජනප්‍රියත්වය නිසා ව්‍යාපාරිකයෙක් හා සම්බන්ධ වීම ගැන ගොඩක් කතා බහ වුණා. මගේ ජීවිතේ මං හැමදේම හරි වෙලාවට කරනවා. මං හිතනවා මට අසීමිතව ආදරේ කරන කෙනාට නිසි ගෞරවය හිමිවිය යුතුයි. මොකද රංගන ශිල්පිනියක් වීම ඇතුළේ කැපවීම් රාශියක් තියෙනවා. ඒ හැමදේටම පවුලේ සහ සහකරුවාගේ සහයෝගය අසීමිතව අවශ්‍යයි. මං සාර්ථක රංගන ශිල්පිනියක් වීමේ ගෞරවය ඔහුට හිමියි.
රංගන ජීවිතය තුළ ඔබට අමතක නොවන සිදුවීම මොකක්ද? සංගීතේ ටෙලිනාට්‍ය තමයි මගේ ජීවිතේ මට ලැබුණු හොඳම දේ. සංගීතේ එක්ක ගෙවෙන කාලේ මගෙ ජීවිතේ කවදාවත්ම අමතක නොවේවි.
ඉදිරියේදී ඔබේ වැඩ කටයුතු ගැන කිව්වොත්? ඉදිරියේ විකාශය වීමට නියමිත ටෙලිනාට්‍ය ගැන බලාපොරොත්තුවෙන් ඉන්නවා. පෞද්ගලික ජීවිතේ වෙනස්කම් සිදුවේවි. හැමදේම පිළිවෙළකට ලස්සනට වෙනකම් බලාගෙන ඉන්නවා.
චමෝදි පෙරේරා