චතු රාජපක්ෂ කියන්නෙ ටෙලි තිරයෙන් ප්‍රේක්ෂක ඔබ වෙතට සමීප වුණු දක්ෂ රංගන ශිල්පිනියක්. ටෙලි තිරයෙන් අනතුරුව රිදී තිරයටත් ගොඩවුණු චතූ, මෑතක ඇගේ ජීවිතේ ගැන කවුරුත් නොසිතූ හෙළිදරව්වක් කර තිබුණා

ඇය මේ කතාව කියලා තිබුණේ යූටියුබ් නාලිකාවකට. පහළ තියෙන්නෙ ඒ කතාව…

“මගේ පවුලේ මම අක්කා මල්ලි නංගී… අපි හතර දෙනා හතරපොළක හැදුණේ. අපි එක ගෙදර හිටිය කාලයක් මට මතක නෑ. මම හිතුවේ මම සල්ලි හම්බ කරාම අම්මව ගෙන්න ගන්න පුලුවන් වෙයි කියලා. ඒ ආපු ගමන තමයි මේ..

මුලින්ම අම්මා රට යද්දි තදින්ම දැණුනා. තුන්වැනි පාර යනවට මම කැමති වුණේ නෑ. අප්පච්චි නම් අවුලක් තිබ්බේ නෑ. නමුත් මම තරයේම හිටියා. හැබැයි අම්ම ගියා. මගෙ ජීවිතේ ගොඩක්ම කළකිරිලා තැනක් ඒක.. ඒවත් එක්ක මම කවුරුත් නැතුව ජීවත් වෙන්න පුරුදු වුණා.

කාටවත්ම කතා කළේ නෑ. පවුලක් වුණාම බොන්ඩ් එකක් තියෙන්න ඕන. ඒත්, අපේ ඔක්කොමලා පැති පැති වල හැදුනම ඒ කැක්කුම නැතිවුණා. මම අම්මව අවුරුදු දොළහකින් දැකලා නෑ. මට ඇවිත් තියෙන ප්‍රශ්නත් එක්ක විවාහ ජීවිතේ දෙදරා යන තැන් කිහිපයක්ම ආවා. එයාගේ තේරුම් ගැනීමත් එක්ක ඉන්නෙ. මම අඬන් නෑ කවදාවත් ප්‍රසිද්ධ මාධ්‍ය ඉස්සරහා.. මගෙ කතාව මම කාටවත් කියලා නෑ…”

By pwx28

Leave a Reply

Your email address will not be published. Required fields are marked *