අපේ රටේ ගායන ක්ශේෂ්ත්‍රය තුළ නැතුවම බැරි ගායකයෙක් විදියට පෙන්වා දෙන්න පුලුවන් ජනප්‍රිය ගායන ශිල්පියෙක් තමයි දිනේෂ් තරංග කියන්නේ. ප්‍රාසාංගික වේදිකාවට නැතුවම බැරි ඔහු ගායනා කරන ගීත ප්‍රේක්ෂකයා ගොඩක් ආදරයෙන් වැළදගන්නවා. ඒ අතරින් ප්‍රේක්ෂක ආකර්ෂණය ඉහලින්ම ලැබෙන ගීත විදියට හැදුනද රිදුනද, ඉරණම් ගමනේ, මා නුබට පෙම් කලේ, ඔබෙන් මිදිලා, මා ගාවින් වැනි ගීත වලට ලොකු ප්‍රතිචාරයක් ලැබෙනවා.
ඉතින් රැන්ඩෙලා සමගින් විවාහ වෙලා ඉන්න දිනේෂ් ආදරණීය දියනියන් දෙදෙනෙකුගේ පියෙක්. සමාජ මාධ්‍ය තුළ වැඩි හරියක්ම කතා බහට ලක් වෙන්නේ දිනේෂ්ගේ සහ බිරිදගේ වයස් පරතරය. ඒ දිනේෂ්ගේ බිරිද රැන්ඩෙලා දිනේෂ්ට වඩා වයසින් වැඩිමහල්. ඉතින් ඇය පළමු විවාහයෙන් වෙන් වෙලා තමයි ජනප්‍රිය ගායක දිනේෂ් සමගින් විවාහ වෙලා තියෙන්නේ.
පල්ලියේදි මුණ ගැහුණු ආදර කතාවජ් වන දිනේෂ් රැන්ඩෙලා ආදර කතාව අද වන විට ගොඩක් දෙනෙක් දන්න කතාවක්. මේ විදියට හරිම ආදරයෙන් ජීවත් වෙන දිනේෂ් ප්‍රේක්ෂකයන්ට තියෙන ගැටලුව ගැන මේ විදියටයි මාධ්‍යට අදහස් දක්වලා තිබුණේ. ” ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්නයක් තමයි අපි දෙන්නෙගෙ වයස් පරතරය. ඔය දේවල් හිතේ තියාගෙන දුක් නොවී ජීවිතේ විදින්න ඕන.
අපි මොනවා කොහොම කලත් අවසානෙට පොළවට පස් වෙනවා. එහෙම එකේ දුක් නොවී ඉන්න කාලේ සතුටින් ඉන ඕන. හැමෝම හිතනවා ඇති අපි සතුටින් හැමදාම ඉන්නවා ඇති කියලා. එහෙම ඉන්නෙ නෑ. අපිටත් දුක හිතෙනවා, හිත් රිදීම් ඇති වෙනවා. නමුත් අපි සමාජ මාධ්‍යට දාන්නේ සතුටින් ඉන්න ෆොටෝස් විතරයි.” ඉතින් දිනේෂ් ඇගේ බිරිද රැන්ඩෙලා සමගින් සතුටින් ජීවත් වෙනවා. දරුවන් දෙදෙනා ඇතුලු දිනේෂ්ගේ පවුලට සුබ ප්‍රාර්ථනා අපිත් එක් කරන්නෙමු.